ජනතාවට සේවය කළ නොහැකි අමාත්‍යාංශයක් දුන්නොත් භාරගන්නෑ - රාධාක්‍රිෂ්ණන්
ජනතාවට සේවය කිරීමට අපොහොසත්වන අමාත්‍යාංශයක් වත්මන් රජය මගින් තමන්ට ලබා දීමට සූදානම් වනවා නම් එම අමාත්‍යාංශය භාර නොගැනීමට තමන් තීරණය කර ඇති බව හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ද්‍රවිඩ ප්රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා අද (28) පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
“රටේ ඔක්තෝම්බර් (26) වන දා දේශපාලන අස්ථාවර තත්වයක් ඇතිවුණා. එම අවස්ථාවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිමින් කඳුරට ජනතා පෙරමුණේ අපි එක්සත් ජාතික පක්ෂයට සම්පූර්ණ සහය ලබා දුන්නා.මේ වනවිට රට දේශපාලන ස්ථාවරත්වයකට පැමිණ අලුත් ආණ්ඩුවක් පිහිටුවලා තිබෙනවා. ආණ්ඩුවෙන් ප්රගතිශීලි සන්ධානයට කැබිනට් අමාත්‍ය තනතුරු දෙකක් දී තිබෙනවා. ඒ වගේම දේශපාලන අස්ථාවර වූ අවස්ථාවේ කඳුරට ජනතා පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී එතුමා අලුත් රජය පත්වුණායින් පසුව අපගේ පක්ෂයට කැබිනට් අමාත්‍ය තනතුරක් හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතාට ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුවෙන් පසුව දැන් නව කැබිනට්ටුව පත් කරද්දී එහි සංයුතිය 30 ක් බවට පත්ව තිබෙනවා.
මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා කීවා මට කැබිනට් නොවන අමාත්‍ය තනතුරක් හා අරවින්ද කුමාර් මහතාට නියෝජ්‍ය ඇමතිකමකුයි ලබා දෙන බව. අපි එයට එකඟතාවය පළ කළා. හැබැයි දැන් අපට තොරතුරු දැනගන්නට ලැබී තිබෙනවා, මට අලුත් අමාත්‍යාංශයක් හදලා දීලා නියෝජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධව කිසිම පිළිතුරක් නැති බව. එසේ වුණොත් කඳුරට ජනතා පෙරමුණේ කිසිම අමාත්‍යාංශයක් භාර නොගැනීමට තීරණය කර තිබෙනවා.
එසේ වුණා කියා අපි විපක්ෂයට යන්නෙත් නෑ දිගටම එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා.

මස්කෙළිය -ගාමිණි බණ්ඩාර
popular news
-
wijendra Friday, 28 December 2018 07:50 PM
Why keep ministries that cannot serve people . Scrape those and save money
Reply : 0 0
rocky Saturday, 29 December 2018 05:41 AM
e kiyanne hondata gathamant eka gahanna puluwan amaathyaansayak neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
