ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයින්ට වසර 25ට පසු හිඟ පාරිතෝෂික දීමනා
වත්මන් රජය බලයට පත්වෙමින් පසු ආරම්භ කල " සේවයට හිමි ගෞරවය - අයිතියට හිමි වටිනාකම " වැඩසටහන යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවය කළ වතු කම්කරුවන් සඳහා හිමි හිග පාරිතෝෂික දීමනා ගෙවීම මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තුෂාරි ජයසිංහ, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති අනගි ගුණසේකර මහතා , පස් භාගේ කෝරලේ ප්රාදේශීය සභාවේ උප සභාපති ඉලංගෝවන් පලනි මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් (23) දින නාවලපිටියේ පෞද්ගලික උත්සව ශාලාවකදී පැවැත්විණි.
2001 වසරේ පටන් මේ දක්වා වසර 25ක කාලයක් වතු කම්කරුවන් සඳහා මෙම පාරිතෝෂික මුදල් ගෙවීම සිදුවී නොතිබිණි. ඒ අනුව බෝහිල් , කන්දල්ඔය, නාගස්තැන්න, කොලපතන යන වතු 04 හි සේවය කළ පාරිතෝෂික මුදල් හිමි 860 දෙනෙකුගෙන් පළමු කණ්ඩායම ලෙස ලියකියවිලි නිරවුල් කර ගෙවීම් නිසියාකාරයෙන් සිදුකළ හැකි වතු කම්කරුවන් 420කට (23) දිනයේ චෙක්පත් ප්රධානය කෙරුණු අතර, මෙම වසර අවසානයට පෙර අනිකුත් ගෙවීම් ද සිදුකරන බව ජනවසම සභාපති අනගි ගුණසේකර මහතා ප්රකාශ කළහ.
එසේම පැය හතරක් පහක් වැනි දීර්ඝ කාලයක් ඉතා වෙහෙසකර අන්දමින් දලු නෙළීම වැනි කටයුතුවල නිරතව සිට සේවයෙන් විශ්රාම ගොස් තමන්ට හිමි පාරිතෝෂික මුදල ලබා ගැනීමට නොහැකිව මියගිය පිරිස් බොහෝ පිරිසක් සිටින බවත්, ඔවුන් රටට ණය නැති පිරිසක් වුවත් ජනතාව වතු සංවර්ධන මණ්ඩලයේ ඔවුන්ට ණයගැති වන බව, ඒ වෙනුවෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය ලෙස සමාව ඉල්ලා සිටින බවත් ප්රකාශ කරන ලදී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

