ජනතාව මේ වන විට මුහුණ දෙමින් සිටින අසිරුතාවය අමාත්‍යවරුන්ගේ අවධානය යොමුකරවීම වෙනස්ම ක්‍රමයකින් කටයුතු කළ සිදුවීමක් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සිදුවිය.
සූම් තාක්ෂණය ඔස්සේ සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙයි. එහිදී අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදී මාධ්‍යවේදී අසංක අතපත්තු මහතා ගෑස් පොලිමක සිටිමින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රශ්න යොමුකිරීමට කටයුතු කළේය.
ඔහු යොමුකළ ප්රශ්නය සඳහා දීර්ඝ පැහැදිලි කිරීමක් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සිදුකළේය.
