Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් හිරවී සිටින බවට වාර්තා පළව තිබියදීත්, ආණ්ඩුව විසින් ඒ ගැන තැකීමක් නොකොට, මෙඩිකල් ටුවරිසම් යැයි වචන යොදාගනිමින් කොරෝනා රෝගය වැළඳුණු සීෂෙල්ස් රාජ්‍යයේ වැසියන් ලංකාවට ආනයනය කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
සීෂෙල්ස් රාජ්‍යයෙන් රැගෙන ආ කොරෝනා රෝගීන් මේ වන විට රඳවා තිබෙන ස්ථානයන් පිළිබඳව සොයා බලා තොරතුරු වාර්තා කරන ලෙස රටේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවත්, එසේ සොයා බලන්නේ නම්, මෙඩිකල් ටුවරිසම් යන වචන යොදාගනිමින් සීෂෙල්ස් රාජ්‍යයෙන් ආනයනය කළ මෙම ලෙඩුන් පිළිබඳව හා මේ සඳහා මූලිකත්වය ගෙන සිටින පොහොට්ටුවේ ව්‍යාපාරික, මාධ්‍ය අධිකාරියේ පුද්ගලයින් ද හෙළිදරව් වන බව හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(29) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“යම් හෙයකින් සීෂෙල්ස් රාජ්‍යයෙන් ගෙනාපු අයගෙන් මේ රටේ කිසියම් කෙනෙකුට හෝ කොරෝනා රෝගය වැළඳුණහොත් ඊට සම්බන්ධ සියලුම බලධාරීන්ට සෞඛ්‍ය ආරක්ෂණ පනතට අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම මාධ්‍ය වල ඉදිරියට පැමිණ, ‘මේක තමයි මෙඩිකල් ටුවරිසම්’ කියල මෙය සාධාරණීකරණය කරන්න ඉදිරිපත්වෙලා ඉන්න සෑම කෙනෙකු සම්බන්ධයෙන්ම නීතිය වහා ක්‍රියාත්මක කළ යුතුයි.
කොරෝනා සම්බන්ධයෙන් වැරදි ප්රවෘත්ති පළ කළා යැයි, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාව CCD ගෙනයන්න පුළුවන්නම්, කොරෝනා රෝගීන් ලංකාවට ආනයනය කළ අය සම්බන්ධයෙන් නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. දේශයට ද්‍රෝහීන් වෙමින් ලංකාවට ගෙන එන මිනිස් බෝම්බ විදියට මෙම ක්‍රියාවන් අපට පෙන්වා දිය හැකියි.
අද සුව විරුවන්ට මොකද වෙලා තියෙන්නේ ? අද සුව විරුවෝ පාරට ඇවිත් තියෙනව. හෙද නිලධාරීන් විරෝධතා පුවරු අල්ලාගෙන සිටිනවා. ඇයි ? ඒ අයට අදාළ දීමනා ආදිය නොලැබීමත්, කලින් ලැබුණු දීමනා නොලැබීමත් නිසා. සිදුවිය යුත්තේ, මේ අයට පෞද්ගලික ආරක්ෂක උපකරණ ලබාදී ඔවුන්ගේ සේවය ඉහළ ගණයට අරගෙන කාර්ය සාධන බලකායන්හි ප්‍රධානීන් බවට පත්කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. ඔවුන්ගේ විශේෂ දීමනා ලබාදීමයි. නමුත් සෞඛ්‍ය සේවය අද ඛේදවාචකයක් කරා රැගෙනයමින් සිටිනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වුව විදේශගතවෙලා ඉන්න අපේ ශ්‍රමිකයන් ලංකාවට ඇවිල්ල අපේ රට බේරාගැනීම සඳහා ඡන්දය ලබාදෙනව කියල. දැන් ඒ අයට මොකද වෙලා තියෙන්නේ ? මේ විදෙස්ගත ශ්‍රමිකයින් අද ඉතාමත් දුක්ඛිත තත්ත්වයන්ට මුහුණ දීල තියෙනව.
අද විදෙස් රටවල් විසින් ඒ රටවල් කොරෝනා උවදුර මර්ධනය කරගැනීමේදී විදේශ ශ්‍රමිකයන් ඒ අයගේ පැරණි ශ්‍රම කඳවුරුවලට ගාල් කර තැබීම නිසා අපේ විදෙස්ගත ජනතාව බරපතල ඛේදවාචකයට මුහුණදී සිටිනවා.
තේ, පොල්, රබර්, ඇඟලුම් නොව, අපේ රටට සෟජු දැවැන්ත විදේශ මුදලක් ලැබෙන්නෙ මේ විදේශගත ශ්‍රමිකයින්ගෙන්. මේ රටේ තෙල් බිල, ඖෂධ බිල වගේ අත්‍යාවශ්‍ය වැයවෙන බිල් ටික ගෙවන්නෙ මේ විදේශගත අයගෙන් අපට ලැබෙන ආදායමෙන්. මේ පිරිස සුලු පිරිසක් නෙමෙයි. විවිධ ක්ෂේත්රවල ඉන්නව ලක්ෂ 30 ක්. රටේ ජනගහණයෙන් 15% ක්. මේ විදේශගතව හිරවෙලා ඉන්න ලාංකිකයන් සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් නෑ.
රජයේ ඉහළ ගණයේ ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ දරුවන් මේ රටට ගේන්න දක්වපු උනන්දුව, එයට දක්වපු ප්‍රමුඛතාවය මේ රට වෙනුවෙන් මහ මෙහෙවරක් කරමින් දුක් විඳින ජනතාවට නොමැතිවීම ගැන අපි කණගාටු වෙනවා. අපි ඒ අය වෙනුවෙන් ඉදිරියේදීත් පෙනී ඉන්නවා. කුවේට්, ඩුබායි වැනි රටවල ශ්‍රී ලාංකියන්ගේ මරණ වාර්තා වෙලා තියෙනව. ඒව කීයද කියල දන්නෙ නෑ. රජයේ වගකීම තමයි ඒ තානාපති කාර්යාලවලින් එම තොරතුරු සොයා බලා වාර්තා කිරීම ඉතාම අවශ්‍යයි.
මේ රට විරුවෝ ඡන්දෙට විතරක් රට වෙනුවෙන්, දේශමාමකත්වයට පාවිච්චි කරල අද අන්ත අසරණ කරල තියෙනව. ඔවුන් ශ්‍රම කඳවුරුවල හිරකාරයො බවට පත්වෙල මියයන තත්ත්වයට පරිවර්තනය වෙමින් තියෙනව. මේක තමයි ආණ්ඩුවේ නිව් නෝමල් එක. රට විරුවන්ට ගිණි කන්න, සුව විරුවන්ට ගිණි කන්න වෙලා තියෙන නිව් නෝමල් එක.
පෙබරවාරි 24 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, කොරෝනා රෝගය දැන් ලෝක මට්ටමෙන් ව්‍යාප්ත වෙනව, පරිස්සම් වෙන්න කියල ප්‍රකාශ කරද්දි, මේ රට ඇතුළෙ මර්ධනය කරන්න හෝ හොයාබලන්න එකම කොව්ඩ් රෝගියෙක් හෝ හිටියෙ නෑ. ආණ්ඩුව කෝවිඩ් රෝගීන් ආනයනය කළා. ඇයි ? මේ රජය සංචාරකයින් මේ රටට ගෙනාව. ඒ සංචාරකයින්ගෙන් තමයි පළමු කෝවිඩ් රෝගියා මාර්තු 11 වෙනිදා වාර්තා වෙන්නෙ සංචාරක මග පෙන්වන්නෙක්.
දැන් මේ ආණ්ඩුව කෝවිඩ් රෝගය මර්ධනය කරල තියෙනව නම් ඒක අපිට හොඳට පේන්න ඕන වැලිසර හමුදා කදවුරේ සිදුවෙච්ච ඛේදවාචකයෙන්. අපේ සාමාන්‍ය සමාජයට වඩා විනයගරුක පිරිසක් සිටින තැනක් තමයි අපේ ආරක්ෂක අංශය. ඒ විනයගරුක හමුදා කඳවුර ඇතුළෙ කෝවිඩ් මර්ධනය කරගන්න බැරි අය, දැවැන්ත කෝවිඩ් පොකුරක් හදාගෙන තිබෙන අය, කොව්ඩ් රෝගීන් ප්‍රමාණයෙන් අඩකට වැඩි පිරිසක් හමුදා කඳවුරුවලින් බිහිකරගත්ත අය, කෝවිඩ් මර්ධනය කළා කියල නාටක නැටීම තරම් විහිළුවක් තවත් නෑ.
රණවිරුවො ඉන්නෙ රටේ ජාතික ආරක්ෂාවට. ඒ අයට බෑ මේ වෛද්‍ය කාර්ය මණ්ඩලවල වැඩ කරන්න. ලෝකයේ කිසිම රටක මේ වගේ රෝගී ප්‍රතිශතයක් නෑ ආරක්ෂක අංශවල. මොකද මේ කාර්ය සාධන බලකායේ ප්‍රධානියා හැටියට පත්කළේ, හමුදා නිලධාරියෙක්. මේකෙ ප්‍රධානියා වෙන්න ඕන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. හමුදාව රෝග මර්ධනයට යොදවල මොකද කරල තියෙන්නෙ රණවරුවන් අද ඛේදවාචකයකට පත්කරල තියෙනව. අපහාසයකට හා හිරිහැරයකට පත් කරල තියෙනවා.
මේ රටේ යුද්දෙදි කඳවුරු පිටින් වැටුණත් රටේ හමුදාව ගැන මහජනතාව තුළ තිබූ විශ්වාසය බිඳ වැටුණේ නෑ. ඇතැම් අවස්ථාවල 88/89 කාලෙ ආරක්ෂක අංශවලට ටයර් සෑයවල් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. පළමු වතාවට ආරක්ෂක අංශවලට මිනී මැරීමේ චෝදනාව එල්ල වුණේ රතුපස්වල සිද්ධියෙන්. ආරක්ෂක අංශ රට රකින තැනට නෙමෙයි විරෝධතා මර්ධනය කරන තැනට ගෙනාව. ඒ වගේ කැරලි මර්ධනය කරන්න, යුද්දෙ කරන්න පුරුදු කරපු හමුදාවක් යවල හරියන්නෙ නෑ. ඒක කළෙත් වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ලෙසත්, වර්තමාන අගමැතිතුමා ජනාධිපති ලෙසත් සිටිද්දි.
අද මේ හාල් මාෆියාව නිසා රණවිරුවන් පාච්චල් වෙලා තියෙනවා. සහල් මාෆියාවට හමුදා ප්‍රහාරයක්, හාල්තොග සියල්ල හඳුනාගෙන තියෙන්නෙ, හාල් අපි පාලනය කරනව, කඩවල වැඩි මිලට විකිණුවොත් කණට ගහනව, වැනි ප්‍රකාශ මාධ්‍ය තුළින් විකාශය කරමින් ඔවුන්සමාජයේ ගැලවුම්කරුවන් ලෙස ඉහළ මාධ්‍ය ප්‍රචාරයක් ගෙනගියා. ඒවට සම්බන්ධ සියලුම හමුදා නිලධාරීන් ගැන අපට ගණගාටුයි. අද සමාජ මාධ්‍ය ජාලවල ඔවුන් බරපතල ලෙස අවඥාවට ලක්වෙනවා.
ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපේ ආරක්ෂක හමුදා, රාජ්‍ය ආරක්ෂක සේවාවේ යොදවන්න. තුවක්කුවලින් ගොවිතැන් කරන්න බෑ, වී මිළදී ගන්න වී අළෙවි මණ්ඩලය ඉන්නව. රණවිරුවන් දන්නෙ නෑ මේ ඇතුළෙ තියෙන ඩීල්. ඒකෙන් වුණේ අන්තිමට ලාභෙට හාලුත් නෑ, රණවිරුවන්ගේ ගෞරවයත් නෑ. අත්‍යාවශ්‍ය ආපදා කළමණාකරණය වගේ තැන්වලදි පමණක් රණවිරුවන් යොදවන්න. තමන් නොදන්නා විෂය ක්ෂේත්රවලට යොමු කරවා ඒ නිලධාරීන් අවඥාවට පත්කරන අපහසුතාවයට පත්කරන තත්ත්වයන් ඇති කරන්න එපා කියල අපි ඉල්ලා සිටිනවා.
රාජපක්ෂ පාලනය විසින් ඇලවල් සුද්ද කරන්න, තණකොල කපන්න, කැලි කසල අදින්න යොදවා තිබූ රණවිරුවන් අපි අපේ පාලන කාලයේ ඉන් මුදවා ගත්තා. ඒ නිල ඇඳුමට අවශ්‍ය ගෞරවය ලබාදුන්නා.
දැන් මේ නිව් නෝමල් (නව සාමාන්‍ය) තත්ත්වය යටතේ හාල් ගිණි ගණන් ය. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉතාම පහළට වැටී තිබියදීත් තෙල්වලින් සහගහන බදුය. මේ වසරේ ලොකුම රාජ්‍ය ආදායම එන්නේ තෙල් වලිනි. එය රුපියල් බිලියන 400 කට ආසන්න වේ. මේවා හෙණ ගහන බදු ය. තෙල්වල බදු සහනය සැමන් සහ පරිප්පුවලට ලබාදෙන බව පැවසූ ආණ්ඩුව අද සැමන් සහ පරිප්පු මිළ තිබුණාටත් වඩා ඉහළ දමා තිබේ. මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ලබාදුන් 5000 දීමනාව, ජුනි 20 මහ මැතිවරණය නැතිබව දැනගත් ආණ්ඩුව වහා නතර කළේය. ජනතාව රැවටුවත් කොවිඩ් රැවටිය නොහැකි බව ආණ්ඩුව තේරුම්ගත යුතුයි.”
popular news
THILAK Friday, 29 May 2020 08:44 PM
මෙය කොහොමද නඩුවෙන් බේරුනේ ඇත්ත කියල. ගල් අඟුරු වලින් පොඩි ගානක් ගත්ත
Reply : 0 0
Don Friday, 29 May 2020 09:20 PM
අපේ සුව ලොක්කාගේ සහ සුව ඇමැතිනියගේ අංක ගණිතය පිලිබඳ දැනීම මදි.අප්‍රියෙල් 20 දා මැතිවරණයට දින ප්‍රකාශයට පත්කරන විට ආසාධන ගණන 268 යි. අද 1540 යි, දිනකට සාමාන්‍ය ගණන 32 කට වැඩි ගණනක් වාර්තාවෙත්දී අනිසි බියක් ඇතිකරගන්න එපා කියනවා. ඊයේ Gaffoor ගොඩනැගිල්ලෙන් උන තියෙන එක් අයෙක් නිසා මුළු ගොඩනැගිල්ලේම ඉන්න අය ඉවත්කරා. චන්දෙ දාන්න උණ තියෙන එක් කෙනෙක් ආවොත් මුළු මධ්යස්තානයම වහන්න උනොත් මැතිවරණය බකල්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd