වත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා පළමු මාසය ගෙවෙන කොටම ජනතාව බලාපොරොත්තු වුනාටත් වඩා වෙනසක් මේ රටේ ඉටුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණේ ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අද ( 9) කොළඹ පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මැතිවරණ කාලෙට පමණක් දේශපාලන සටන් පාඨයක්වූ කැබිනට් මණ්ඩලය අඩු කරනවා කියන එක සැබෑ කරන්න පෙර පත්වුනු කිසිම ජනාධිපතිවරයෙක්ට ශක්තියක් තිබුණෙ නැහැ. නමුත් නව ජනාධිපතිවරයා දේශපාලඥයින්ගේ කලකිරිම් පැත්තකට දාලා කැබිනට් මණ්ඩලය අඩු කළා. අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරලා ජනතා වරමට වටිනාකමක් දුන්නා. පසුගිය කාලය පුරාවටම රටේ පාරක් හැදුවත් දේශපාලඥයින්ගේ නම් දාගත්තා. සෑම අමාත්‍යාංශයකම ඡායාරූප ප්‍රදර්ශනයක් වගේ නායකයින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කලා. නව ජනාධිපතිවරයා පත්වූ ගමන්ම සියලු අමාත්‍යංශවල පින්තූර ගලවලා රාජ්‍ය ලාංජනය ප්‍රදර්ශනය කරන්න කියලා නියෝගයක් කළා. ගම්වල මිනිස්සු ස්වෙච්චාවෙන්ම පාරවල් වල දේශපාලනඥයින්ගේ නම් ගහපු බෝඞ් ගලවලා රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. මේ වෙන කොට පරිසරය රැක ගැනීම ජනතාව අතට අරගෙන තිබෙනවා. තරුණ තරුණියෝ විශාල වශයෙන් තාප්පවල පෝස්ටර් ගලවලා චිත්‍ර අඳින්න පටන් අරගෙන. තාප්පවල පෝස්ටර් ගහලා පරිසරය විනාශ කරපු සංස්කෘතිය අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා.
දැන් වෙන කොට අලූත් දේශපාලන සංස්කෘතියක් සමාජයේ මුල් බැහැගෙන තිබෙනවා. ජනාධිපතිවරයා තමන්ගේ ගමන් කරන වාහන ප්‍රමාණය අඩුකලා. කාර්යමණ්ඩලය 250ක් දක්වා අඩු කළා. ඒ වගේම ගුවන්තොටුපලේ වීඅයිපී පර්යන්තය භාවිතා කරන අයට ඩොලර් දාහක මුදලක් ගෙවන්න ඕන කියලා අද වෙනකොට නියෝග කරලා තිබෙනවා.ඒක තමයි ජනතාව බලාපොරොත්තු වුණු වෙනස.
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පොදුජන පෙරමුණ සඳහා ඉතාමත්ම සංවිධානාත්මකව සූදානමින් ඉන්නවා. අපි පොහොට්ටුව විදිහට ඉදිරියට යන්න කටයුතු කරමින්ඉන්නවා. පක්ෂපාටවලින් බැහැරව අලූත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් දැන් ජනතාව පෙළ ගැහිලා තිබෙනවා.
මේ රටේ එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් එන්ජි ඔ වල සහය අරගෙන ස්විස් තානාපති කාර්යාලය නාටකයක් රඟ දක්වන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වෙලා මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ පරීක්ෂණය නිසා මේක ගොතපු කතාවක් කියලා රටට හෙළි වුණා ඒ නිලධාරිනිය ඊයේ සීඅයි ඞී යටකට උත්තරයක් දුන්නා. රාජිත සේනාරත්න වගේ අය මාධ්‍ය ඉදිරියට ගිහින් කියපු දේවල් ඇත්තද කියලා දැන් බලාගන්න පුළුවන්.
ජනාධිපතිවරයා සහ නව රජය බටහිර රටවල් සමඟ ඇති කරගනිමින් සිටින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අකුල් හෙලන්න මේ වගේ අලූත් නාටකයක් රඟ දක්වන්න මේ අය කටයුතු කළා. ඉදිරියේදී මෙවැනි දේ පිළිබඳව අපි අලූත් ආණ්ඩුවහොඳ අවධානයකින් ඉන්නවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.