Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත් ඒ ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් මිස වෙන කවුරුන්දැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියි.
පසුගියදා කළුතර නගර ශාලාවේ පැවැති‘කිරුළ නොරටුන්ට - අවුල මෙරටුන්ට’යන තේමාව යටතේ පැවැති කළුතර දිස්ත්‍රික් කතිකාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
එක් පිරිසක් උත්සාහ කළා අපත් එකතු කරගෙන ගිහිල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවන්න. එහෙම වුණොත් ජනාධිපතිවරණයකුත් නැහැ. තීරණාත්මක කඩඉමකුත් නැහැ. ඒක හරි ගියේ නැහැ. මතක තබාගන්න, ජාතියේ ඉරණම් කතාව ලියැවෙන්නේ ජනාධිපතිවරණයේ ජයපරාජය මතයි. ජය ගැනීමට නම් අපේ අපේක්ෂකයා කවුරුන් විය යුතුද? ගෝඨාභය රාජපක්ෂ ඒත් සමහරු කියනවා‘අපේ අපෙක්ෂකයා ජාතික ඇඳුම අදින කෙනෙක් විය යුතුයි කියා.
දැන් ඇඳුමත් ප්‍රශ්නයක් කරගෙන. මම මෙහෙම කිව්වාම මාධ්‍යයට රහවෙන්නේ ඒවායි. අර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ලංකාව ඇමරිකාවේ කොලනියක් කර ගන්න එක ගැන මොකුත්ම යන්නේ නැහැ. අර වගේ රහකෑල්ලක් අරගෙන කොටවන එකයි බොහෝ මාධ්‍ය කරන්නේ. මම ඉන්නේ ඒ ජාතික ඇඳුම අඳින කෙනෙක් ඕනේ කියන අයත් එකතු කරගෙන, පළල්තම සමගිය හදලා මේ ජනාධිපතිවරණය ජයගන්නා ගමනක් යායුතුයි කියන තැනකයි" යැයි ඔහු පැවසිය.
කෂිනි හපුආරච්චි
popular news
Sam Tuesday, 12 March 2019 08:54 PM
හොරුන්ට මනාප උන්ගේ ජනපති
Reply : 0 0
Champa Tuesday, 12 March 2019 09:18 PM
විමල්ගේ කතාව විකෘති කරලා. විමල් කිව්වේ ගෝඨාභය ජනාධිපති කරන ජනතා අභිලාෂයට පයින් ගසන්නන් ජාතියේ සතුරන් කියලා නෙමෙයි, සමගියට අකුල් හෙලන්නන් කොයි පැත්තේ හිටියත් ජාතියේ හතුරන් කියල.
Reply : 1 0
Champa Tuesday, 12 March 2019 09:38 PM
ගෝඨාභය ජනතා අභිලාශයද, ඒකාබද්ධ විපක්ෂ දේශපාලකයන්ගේ අභිලාශයද? එහෙම කොහොමද කියන්නේ ජනතා අභිලාශය එයා කියල? බයගුල්ල ආපහු හිරේ යන්න වෙයි කියලා ගෝඨාභයට කඩේ යනවා. ඔයා විමල් හොඳටම දන්නවා ගෝඨාභය කියන්නේ ජාතිකත්වවාදියෙක් නෙමෙයි කියන එක. ගෝඨාභය බුද්ධාගම සහ සිංහලයන් ගැන කතා කරන්න ගත්තේ දේශපාලන බලය ගන්න. අනිත් එක ජනතා අභිලාශය මත්ද්‍රව්‍ය වලින් තොර, පාතාලය නැති, විනයානුකූල රටක් නෙමෙයි. ඒවා ඕනෑම ආණ්ඩුවක routine වැඩ. ආණ්ඩුව බැඳිලා ඉන්නවා ඒවා කරන්න. ඒවා අලුත් දේවල් නෙමෙයි. මම ජනාධිපති නම් මට ඕ වැඩේ කරන්න එක ..... ...... විතරක් ඇති. ජනතා අභිලාශය ඕවා නෙමෙයි ඔයිට වඩා හුඟක් ඉස්සරහට ගියපු දේවල්. පහුගිය දශක 7ට නොතිබුණු නිශ්චිත දැක්මකින් රට ගොඩ නඟන එකයි මිනිස්සුන්ට ඕනේ. ගෝඨාභයට එහෙම දැක්මක් නැහැ. නිකම් අඳුරේ අත පත ගානවා. අනිත් එක සංවර්ධිත රාජ්‍යයක් කියන්නේ මොකක්ද? යටිතල පහසුකම් වැඩි දියුණු කරා කියලා සංවර්ධිත රාජ්‍යයක් ඇති වෙන්නේ නැහැ. ඒක ආර්ථික සංවර්ධනයක එක පුරුකක් විතරයි. අනික වැඩි දියුණු කල යුතු යටිතල පහසුකම් මොනවාද කියලා ඉස්සෙල්ල හඳුනා ගන්න ඕනේ. ගිය ආණ්ඩුව එහෙම එකක් කලේ නැහැ. ඒ ගොල්ලෝ කලේ මොකක්ද? Contd'..
Reply : 0 4
Champa Tuesday, 12 March 2019 10:19 PM
ඒ ගොල්ලෝ කලේ ආයෝජකයන්ට අවශ්‍ය මංමාවත් වගේ ප්‍රධාන යටිතල පහසුකම් වැඩි දියුණු කරපු එක. නමුත් ලංකාව වගේ රටකට කවදාවත් ආයෝජකයන් මත්තේ ඉඳල දියුණු වෙන්න බැහැ. ලංකාව නැගිටින්න ඕනේ තමන්ගේ දෙපයින්. විශාල වශයෙන් ණය අරන් කරපු යටිතල පහසුකම් වැඩි දියිනු කිරීම රටේ ආර්ථිකයට කිසිම දායකත්වයක් සැපයුවේ නැහැ. උදාහරණයක් විදිහට විදුලිය රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් වැඩි දියුණු කල යුතු යටිතල පහසුකමක්. ඒකේ තේරුම රටේ හැම ගෙදරකටම විදුලිය දෙන එක නෙමෙයි. එහෙම දෙන්න ඕනේ. ඒක සමාජ දියුණුවක් සහ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය පහසු කිරීමක්. නමුත් විදුලිය වැඩි දියුණු කිරීම ආර්ථිකයට දායක කරගන්න කරන්න ඕනේ විදුලිය නොකඩවා සැපයීම. පහුගිය ආණ්ඩුව බලාගාර හැදුව. නමුත් විදුලිය කැපීම නැවතුනාද? ඊළඟට ධීවර උප කේෂ්ත්‍රය ගත්තොත්, ගිය ආණ්ඩුව කරපු සංවර්ධනයෙන් ධීවර ක්ෂේත්රය රටේ ආර්ථිකයට දෙන දායකත්වය වැඩි වුනාද? ටින් මාළු ෆැක්ටරියක් දෙකක් හැදුව. අද එව්වා වැහිලා යන තැනට ඇවිල්ල. ආහාර නිෂ්පාදනය ගත්තොත් රටේ යටිතල පහසුකම් වැඩි කිරීම නිසා ආහාර නිෂ්පාදනය වැඩි වුනාද? දැන් ඔගොල්ලොම කියනවනේ සහල් නිෂ්පාදනය වැඩි දියුණු වුනේ පොහොර සහනාධාරේ නිසා කියලා.
Reply : 0 6
Champa Tuesday, 12 March 2019 10:38 PM
මම මේ වහල් ආණ්ඩුව ගැන කතා කරන්නේ නැහැ. ඒ ගොල්ලෝ කරපු දෙයක් නැති නිසා. ගත්ත මහා ණය කන්දරාව කොහේ ගියාද කවුරුවත් දන්නේ නැහැ. අවුරුදු 34ක් යුද්ධයෙන් බැට කාපු රටක් වේගවත්ව සංවර්ධනය කරන්න පහුගිය ආණ්ඩුව මහන්සි ගත්ත කියන එක අවිවාදයෙන් පිලිගන්නවා. හැබයි රාජපක්ෂ මහත්වරුන්ට හෝ ඒ ගොල්ලෝ වටේ හිටපු නිලධාරීන්ට කිසිම දැක්මක් තිබුනේ නැහැ. ආපහුත් ඒ අයටම බලය දෙන එකේ තේරුමක් නැහැ. තව තවත් ණය අරන් තව තවත් පාරවල් හෝ පාලම් හෝ උඩින් යන්න කෝච්චි හෝ උඩින් වරායට යන්න පාරවල් හදන එකේ තේරුමක් නැහැ. දැන් කරන්න ඕනේ නිශ්චිත සංවර්ධන ඉලක්කයක් ඇතුව, තෝරාගත් ක්ෂේත්‍ර ආර්ථකයට කරන දායකත්වය වැඩි කරන විදිහේ යටිතල පහසුකම් දියුණු කිරීම. ඊළඟට ලංකාවට ඕනේ ආයේ ශතයක් ණය ගන්නේ නැතුව, හරි දැක්මකට අනුව රට හදන මිනිහෙක්. එහෙම කරන්න පටන් ගන්න ඕනේ කොතනින්ද? හරිම simple. ඒක දන්නවා නම් ඒකට තමයි කියන්නේ හරි දැක්මක් තියෙනව කියල. එහෙම දැක්මක් ගෝඨාභයට නැහැ. මගේ කිසි පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ එයත් එක්ක. මම කියන්නේ තව තවත් අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ කියන එක. ඔයාට ඕනේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්ද ඔයා පැහෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.
Reply : 0 2
Batangala Wednesday, 13 March 2019 08:08 AM
ඔයාගේ ලස්සන කතාවලට රැවටෙන මිනිස්සු දැන් ගොඩාක් අඩුයි . හේතුව ඔයාගේ කතා වල අන්තර්ගතය ගත්තාම රාජපක්ෂලාට කඩේ යන එක තම එකම පරමාදර්ශය . නමුත් ඔබ මහින්ද 2015 ට කලින් රට වැරදි පාරේ අරන් යනකොට ජනතාවට පැහැදිලි කළා එම වැරැද්ද ගැන. දළදා මාලිගාව වටේ කාර් තරංග පවත්තපුකලේ රාජපක්ෂ පවුල හැමදාමත් බලයේ ඉන්න විදියට වැඩ කලේ. මම ගරුකරනව අන්න එකට. නමුත් ඔබ අද පවුලේ ය නැවතත් රජ වෙන එකට කැමති වීම අපි කොහොමද අනුමත කරන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd