ත්‍රිමාන සෞඛ්‍ය තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීමලබන මාසයේ සිටකොළඹ ජාතිකරෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ 26 වැනි වාර්ෂික සැසිවාරය සහ නව වෛද්‍ය පර්යේෂණ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට කොළඹ ගලධාරි හෝටලයේදීඑක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහ එම සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.