නාවලපිටියේදී අවුරුදු 16ක් වන තරුණයෙක් හා අවුරුසු 15ක් වන තරුණියක් දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
නාවලපිටියේම පදිංචි තරුණයෙක් හා තරුණයක් මෙසේ මියගොස් තිබේ. මෙම මියගිය තරුණයා හා තවත් තරුණයක් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇත. තවත් තරුණයක් ඔවුන්ට ඉදිරියෙන් දුරකතන ඇමතුමක් ලබා ගනිමින් ගමන් කර තිබේ.
ඒහිදී කොළඹ කොටුවේ සිට ඇල්ල දෙසට ගමන් ගත් සීඝ්රගාමිය පැමිණ ඇති අතර මෙම දුම්රිය දුටු තරණයා තමන් සමග ගමන් කළ තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලුකර ඉදිරියෙන් ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගනිමින් ගමන් කළ තරුණිය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් දෙදෙනාම දුම්රියේ ගැටී තිබේ.