අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට තම ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකතන තුනක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියකු අද හඳුනාගත් බව විශේෂ කාර්යය බළකායේ අඟුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරිහු කියති.
විස ශරීරගත වීම හේතුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර නැවත අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියකු මෙලෙස ජංගම දුරකතන තුනක් බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කිරීමේදී හඳුනාගෙන තිබිණි.
මෙම පුද්ගලයා තංගල්ලේ පදිංචිකරුවකු බවද තවදුරටත් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද විශේෂ කාර්යය බළකා නිලධාරිහු කියති.
අනීෂා මානගේ