ජ.පු.ර නව උප කුලපති මහාචාර්ය උපුල් සුබසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සුබසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (B.Sc. Special in Botany) ප්‍රථම උපාධියත්, එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය වේල්ස්හි බැංගෝර් විශ්වවිද්‍යාලයෙන් වන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (M.Sc.) සහ ආචාර්ය උපාධියත් (Ph.D.) හිමිකර ගත් සුබසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ (Faculty of Applied Sciences) පීඨාධිපති ලෙසද කටයුතු කළේය.
වන විද්‍යා හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වූ මහාචාර්ය සුබසිංහ මහතා වන විද්‍යා හා පාරිසරික කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්වතෙකි.
වන කළමනාකරණය, පරිසර පද්ධති ආකෘතිකරණය, වන කාබන් සංචිත (Forest Carbon) සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වේ.
විශේෂයෙන්ම මහාචාර්ය උපුල් සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේ අගරපත ශාක (Agarwood/Gyrinops walla) සහ සඳුන් (Sandalwood) ශාක සම්බන්ධයෙන් පර්යේෂණ කළ ප්රමුඛ විද්‍යාඥයෙකි. ඔහු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ පත්‍රිකා 35කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර කිහිපයක හිමිකරුවෙකි. මහාචාර්ය සුබසිංහ මහතා මීට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ධුරය ද හෙඹවීය.සුබසිංහ මහතා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

