ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් 19 හා 20 දෙදින කොවිඩ් මර්දන එන්නත් (ඇස්ට්‍රා සෙනිකා) 5296 ක් ලබා දී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් පාරසරික හා වෘත්තීය සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අරුණ පාලිත සම්පත් මහතා පැවසීය.
මෙම එන්නත්කරණ වැඩසටහන ජා-ඇල ප්‍රදේශිය රෝහල, ආණියාකන්ද ප්‍රාදේශිය රොහල හා කදාණ මාතෘ සායනයේදී ක්‍රියාත්මක කෙරිණි.
උක්ත වැඩසටහන 21 දිනද ක්‍රියාත්මක වු අතර මෙහිදී දස දහසක් ඉක්මවා කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට අපේක්ෂිත බව වෛද්‍ය අරුණ පාලිත සම්පත් මහතා සදහන් කලහ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා.