නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර තිබේ. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේදී දැඩි ආරක්ෂාවක් යටතේ මෙම මුද්‍රණ කටයුතු ඊයේ (09දා) සිට ආරම්භ කර තිබේ.
මෙවර ජනපතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මිලියන 10.6ක් මුද්‍රණය කිරීමට නියමිතව තිබේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව ජනපතිවරණය පැවැත්වීමට දින 10කට පෙර ඒවා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට නියමිතය.
මෙවර ඡන්ද දායකයාට ලැබෙන ඡන්ද පත්‍රිකාව අඟල් 24ක් දිග වන අතර එය ශ්‍රී ලංකාවේ ජනපතිවරණයකදී භාවිත කරන දීර්ඝතම ඡන්ද පත්‍රිකාව වෙයි.