ඡන්ද ක්‍රමය වෙනස් කිරිමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දිර්ඝ කෙරේ
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” කාලය 2022 ජනවාරි 16 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන්, සභානායක, අධ්‍යාපන අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට 2021.11.15 ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවිය.
එම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වන්නේද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වන අතර, 2021.04.05 පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනාව අනුව, මෙම කාරක සභාව ස්ථාපිත කළේය.
2021 මැයි 17 මෙම කාරක සභාවේ පළමු රැස්වීම පැවති අතර කමිටුව, මාස 06 කින් සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබිණි.
2021.11.15 සම්මත වූ යෝජනාව අනුව මාස දෙකකින් මෙම විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ වන බව, කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් , කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

