කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසුව චීන ජාතිකයන්ට රටින් පිටත සිදුකරන සංචාර සඳහා අවසර දීමට චීනය කටයුතු කර තිබේ. මේ අනුව චීනය පළමුවෙන්ම එම සංචාර ආරම්භ කිරීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අතර එම නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්කර තිබේ.
චීනය මෙසේ සිය රටවැසියන්ට රටින් පිටතව සිදුකරන සංචාර සඳහා අවසර ලබාදෙන්නේ වසර 3 කට ආසන්න කාලයකට පසුවය. මෙම නියමු ව්‍යාපෘතිය පෙබරවාරි 6 වනදා සිට ආරම්භ කරන බව චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පවසයි.
මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම ආර්ථික ප්‍රකෘතියට රුකුලක් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.