චීනයේ වූහාන්හි යළි කොවිඩ් නැගිටීමක්
වුහාන් (ෂින්හුවා)-මධ්‍යම චීනයේ වුහාන් නුවර යළිත් කොවිඩ් ආසාදන කිහිපයක් වාර්තා වී තිබේ. මේ අනුව වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා නගරයේ සියලුම ජනතාව සිකුරාදාට පෙර කොවිඩ් පරීක්ෂණ සඳහා භාජනය කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.
වූහාන් නගරයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් නැවත වාර්තාවීමත් සමගින් මෙම තීරණය ගෙන තිබේ.
සඳුදා දිනයේදී සංක්‍රමණික සේවකයින් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණි.
මේ අනුව පරික්ෂණ ක්‍රියාවලිය වේගවත් කර ඇති අතර නගරයේ සාම්පල් ලබා ගැනීමේ ස්ථාන 2,820 ක් පිහිටුවා තිබේ.
එහි සේවය කිරීම සඳහා වෛද්‍ය සේවකයින් සහ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් 18,000 කට අධික සංඛ්‍යාවක් බලමුලු ගැන්වූ බව වුහාන් සෞඛ්‍ය කොමිසමේ උප අධ්යක්ෂ පෙන්ග් හූපෙන්ග් බදාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
බදාදා දහවල් වන විට වුහාන් වැසියන් මිලියන 2.5 ක් පමණ සාම්පල ලබාගෙන ඇත.
වුහාන් නව ආසාදන වලට ආසන්න හෝ සමීප සම්බන්ධතා ඇති නේවාසික සංකීර්ණ 56 ක් සඳහා සමීප කළමනාකරණයක් පනවා ඇති බව නගරයේ සිවිල් කටයුතු කාර්යාංශයේ උප අධ්යක්ෂ පෙන්ග් ලිලි පැවසීය.
කොවිඩ් වෛරසය පිළිබඳව පළමුව වාර්තා වූයේ වූහාන් නුවරනි. මේ හේතුවෙන් වූහාන් නුවර මාස කිහිපයක් පුරා අඟුළු දැමීමට චීනය කටයුතු කළේය.
popular news
-
Kumar Friday, 06 August 2021 09:20 AM
Cheena ennath gaththa ayta wenna athi. Delatawa thadinma pathirenawalu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

