චීනයේ වැඩිම එන්නත් පරිත්‍යාගය ශ්‍රී ලංකාවට
දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති එන්නත් අතරින් 75% ක් ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය. චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ එන්නත් මාත්‍රා මිලියන 1.6 භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.
එම එන්නත් ශ්‍රී ලංකාව මිලදී ගත් සහ ශ්‍රී ලංකාවට චීනය පරිත්‍යාග කළ ඒවා බව ද ඇය පැවසුවාය.
එසේම චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙය බවද ඇය සඳහන් කළාය. මෙම එන්නත්කරණයේ ප්‍රධාන සාධකය ජනතාව මරණයෙන් බේරා ගැනීම බව ද ඇය සදහන් කළාය.
අද දින පැමිණි මෙම එන්නත් ලක්ෂ 16 ම ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාතේ ජනතාව 100% ක් ම එන්නත් කිරීම සදහා යොදවන බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
චීනය මේ වන විට ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 2.7 කි.
ශ්‍රී ලංකාව මිලදී ගත් එන්නත්ද සලකා බැලූ විට ශ්‍රී ලංකාවට ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලයන 10 ඉක්මවා තිබේ.
popular news
-
Kumar Wednesday, 28 July 2021 12:52 AM
Need to help the future colony.
Reply : 3 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

