චීනයෙන් පොහොර නැවක් එයි
2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500ක් රැගත් පළමු නෞකාව ඊයේ රාත්‍රි කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි.
ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දීමට පියවර ගත්තේය.
මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය අනුව මෙම යුරියා පොහොර තොගය ගෙන්වීමට පියවර ගත් බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මාස් කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැතත් වී වපුරා දින 14ක් තුළ යෙදිය යුතු පළමු යුරියා පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණයන් මේ වනවිටත් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.
මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කැඳවන ලද දෙවන ටෙන්ඩරය අනුව මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ලඟා වීමට නියමිතය.
හෙට දින (28) පෙරවරුවේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ වරායට ගොස් යුරියා පොහොර ගොඩබෑම හා බෙදාහැරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගි වීමට නියමිතය.
popular news
-
LGPJ Thursday, 27 October 2022 06:23 AM
Is that will be like compost as earlier ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
