චීනයෙන් ගෙනා ‘දෙනුවර මැණිකේ’ නොවැ 01 දා සිට සේවයට
උඩරට දුම්රිය මාර්ගයේ මගී ඉල්ලුමට සරිලන පරිදි කොළඹ කොටුව - බදුල්ල අතර නව නගරාන්තර දුම්රිය සේවාවක් 2019-11-01 දින සිට "දෙනුවර මැණිකේ" නමින් එක් කිරීමට ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙම දුම්රිය සඳහා චීනයෙන් මෙරටට ආනයනය කරන ලද නවීන S14 වර්ගයේ බලවේග දුම්රියක් යොදවා ඇති අතර මෙහි වායු සමනය කරන ලද පළමු පන්තියේ මැදිරි 2ක්, දෙවැනි පන්තියේ මැදිරි 2 ක් සහ තෙවැනි පන්තියේ මැදිරි 3 කින් සමන්විත වේ. ඊට අමතරව භෝජනාගාරයකින්ද මෙම දුම්රය සමන්විත වෙයි.
මෙම දුම්රිය දිනයක් හැර දිනයක් ධාවනයේ යෙදවිමට නියමිතය. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරමභ කරන දුම්රය බදුල්ලට ළඟා වීමෙන් අනතුරුව බදුල්ලේ සිට පසුදින නැවතත් කොළඹට ගමන් ආරම්භ කිරීමට නියමිතය.
මෙම නවීන දුම්රියේ සියලුම මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක් ද පළමු පන්තියේ මැදිරි තුල රූපවාහිනී තිර, ජංගම දුරකථන ආරෝපණ පහසුකම්, මගී ආසන සඳහා Headset පහසුකම්ද සලසා තිබේ.
ගමනාරම්භය - කොළඹ කොටුව | පෙ.ව.06.45
ගමනාන්තය - බදුල්ල | ප.ව.03.27
ගමනාරම්භය (පසුදින) - බදුල්ල | පෙ.ව.07.20
ගමනාන්තය - කොළඹ කොටුව | ප.ව.04.03
මෙම දුම්රිය කොළඹ කොටුව, පොල්ගහවෙල, පේරාදෙණිය හන්දිය, ගම්පොල, නාවලපිටිය, හැටන්, තලවකැලේ, නානු ඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල, බදුල්ල යන ස්ථානවල නැවැත්වීමට නියමිතය.
ප්රවේශපත් ගාස්තු - කොළඹ කොටුව සිට - වායු සමනය කරන ලද පළමු පන්තිය
නානු ඔය රු.1500/-
ඇල්ල - රු.1600/-
බදුල්ල - රු.1700/-
දෙවැනි පන්තිය
නානු ඔය රු.800/-
ඇල්ල - රු.900/-
බදුල්ල - රු.1000/-
සකසුරුවම් පන්තිය
නානු ඔය රු.500/-
ඇල්ල - රු.600/-
බදුල්ල - රු.700/-

popular news
-
dilum Wednesday, 30 October 2019 10:25 AM
ලෝකේ අගහරුගෙන් වතුර හොයන කලේ මේ මොන ගොන් නම් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

