චීනයටත් ලෝකයටත් ආශීර්වාද පතා කොච්චිකඩේ දේවස්ථානයේදී දේව මෙහෙයක්
'කොවිඩ්-19' වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ අඟරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙම විශේෂ දේව මෙහෙය මෙහෙයවනු ලබයි.
පස්වරු 12.15ට මෙම දේව මෙහෙය ආරම්භ වෙයි. ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අඟරඳගුරු සන්නිවේදන ඒකකය හා එක්ව මෙම දේව මෙහෙය සංවිධානය කර තිබේ.
'ශ්‍රී ලංකා චීන මිතුදම සුරකිමු, විපතට පත් ලෝකවාසීන්ට සුවය ප්‍රාර්ථනා කරමු' යන මැයෙන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පසුගිය සතියේදී චීන තානාපති කාර්යාලයේද සහභාගීත්වය හා සහයෝගය ඇතිව විශේෂ බෞද්ධාගමික වතාවත්වලද නිරත වූ අතර අද (14දා) කොළඹ දෙවටගහ පල්ලියේදී පැවැත්විණ.

popular news
-
Don Saturday, 15 February 2020 07:15 PM
බෝම්බ ගෙනාපු මනුසතා නොපෙනුණු දෙවියන්ට මයික්‍රෝ වයිරස් පෙනේවිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
