චීනයට පිටින් ආපු 44කට කොවිඩ්
බීජිං මාර්තු 29 (ෂින්හුවා) චීන ප්‍රධාන භූමිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 45ක් වාර්තා වූ අතර එහින් 44ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයෝ වෙති.
චීනය තුළ වාර්තා වූ රෝගියා හෙනන් පළාතෙන් වාර්තා වී තිබේ. විදේශයන් හි චීනයට පැමිණි රෝගය ආසාදනය වූ අය ගුවැංඩොං, ෂැංහයි, ටියැන්ජින්, බීජිං, ලියාඕනිං, ජියැන්ග්සු සහ ෂෙජියැං සිචුවාන්, චොංකිං,මොන්ගෝලියාවේ ස්වයං පාලන කලාපයේ, ෂැන්සි, ජිලින් , ෆුජියන්, ජියැන්සි සහ ගුයිෂෝ පළාත්වලින් වාර්ත වී තිබේ.
සෙනසුරාදා අවසන් වන විට විදේශයන්හි සිට පැමිණ රෝගය ආසාදනය වූ පිරිස 693 ක් දක්වා වර්ධනය වී තිබේ වාර්තා වී ඇති බව කොමිසම පවසයි.
සෙනසුරාදා දිනයේදී ප්‍රධාන භූමියේ මරණ 5 ක් වාර්තා වූ අතර එම සියලු මරණ හුබෙයි පළාතෙන් වාර්තා වෙයි.
සුවය ලැබීමෙන් පසු සෙනසුරාදා පුද්ගලයින් 477 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය අතර බරපතල රෝගීන් සංඛ්‍යාව 742 ක් දක්වා 179 කින් අඩු විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
