ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය අඩුකිරීමක් කිරීමට චීනය සූදානම් නොමැති බවට ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය. අයවැය විවාදයට එක්මෙින් ඔහු මේ බව පැවැසීය.
"අපි ජනපතිට කියනවා, සත්‍ය කියන්න ජනතාවට වහන් කරන්න එපා. දැන් IMF සමග සාකච්ඡා යනවා. ජනාධිපතිතුමා බලය භාර ගත්ත වෙලාවේ ඉදන් කිව්වා අගෝස්තු අගෝස්තු වෙන කොට IMF එක හරියනවා කිව්වා. සැප්තැම්බර් මාසය වෙනකොට හරියනවා කිව්වා. ඊළඟට කිව්වා දෙසැම්බර් මාසය වෙන කොට IMF එක හරියනවා කිව්වා.දැන් කිව්වා Staff Agreement එකඟතාවකට ආවා කිව්වා.
නමුත් ඇතැම් කරුණු ජනතාවට වසන් කරනවා. ඒක වසන් කරන්නේ ඇයි IMF එක බලාපොරොත්තු වෙනවා ණය හිමියන් සමග කථා කරලා සියයට 20-40ක ණය අඩුවීමක් කර ගන්න.
IMF එක කියනවා මේක කර ගන්න කියලා. චීනය මොකක්ද කියන්නේ. චීනය දැනටමත් කියලා තියෙනවා කිසිම ණය අඩුවිමක් කරන්නේ නෑ කියලා. චීනය කියන්නේ පොලිය අඩු කරන්නම් කියලා.
එහෙම නැත්නම් ණය ගෙවන්න තවත් ණයක් දෙන්නම් කියනවා. චීනය ණය අඩු කරගන්න එකඟ නැත්නම් චීනය Hair Cut එකකට එකඟ නැත්නම් ඉන්දියාවයි ජපානයයි එකඟ වෙන්නේ නෑ. ඒ රටවල් තුනම එකඟතාවයකට ආවොත් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට උදව් කරන්න එන්නේ.
නමුත් මේක ආණ්ඩුව කියන්නේ නෑ. මේක ආණ්ඩුව වහනවා. චීනය කැමති නෑ කියන එක ආණ්ඩුව වහනවා. ජනතාවට මේක කියන්න."