ශ්රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයට සහනයක් වශයෙන් චීනය ලබාදෙන සහල් මෙට්රික් ටොන් 10000න් තවත් සහල් මෙට්රික් ටොන් 500ක් කොළඹ වරායට ගෙන ආ බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි.
ඒසේම තවත් සහල් මෙට්රික් ටොන් 500ක කොටසක් ලබන සතියේදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ අනුව මේ දක්වා සහල් මෙට්රික් ටොන් 6000ක් ශ්රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම සහල් පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් භාවිත කරයි.