චීන හැකර්වරුන් 9ක් කටුනායකදී අල්ලයි
පරිගණක මූල්‍ය අපරාධ ( Cyber Crimes ) සිදු කිරීම සදහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු සමග , රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යමින් සිටිය දී , 04/16 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම චීන ජාතිකයන් පිරිස 04/16 දින අලුයම චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 , චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 සහ එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 047 දරන ගුවන් යානා වලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා ( Scan Test ) කිරීමකට ලක් කිරීමේ දී සිය සිරුරෙහි සහ ඇදුම් තුළ සෙලෝටේප් යොදා , පාවිච්චි කළ ජංගම දුරකථන 383 ක් , ටැබ් පරිගණක 101 ක් සහ වයිෆයි රවුටර් 06 ක් සගවා ගෙන ඇති බව අනාවරණය වී තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
