චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම සංචාරය නිමා කර අද රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඔහු සමග මෙම සංචාරය සදහා සහභාගී වූ දූත පිරිස ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් 10/20 දින රාත්රී 08.45 ට චීනයේ චෙන්ඩු ( Chengdu ) නුවර සිට චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
චීනයේ පැවති " එක් තීරයක් - එක් මාවතක් " වැඩසටහනේ දස වන සංවත්සරයට සහභාගී වීම , ශ්රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්රතිව්යුහගත කිරීම සහ චීන ජනාධිපතිතුමා ඇතුළු එරට උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමට ද මෙම ශ්රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස කටයුතු කර තිබුණි .