චීනයෙන් ගෙන්වා තිබූ අසූචි මිශ්‍ර පොහොර නැවට ලංකා රජය මගින් ගෙවා තිබූ ඩොලර් මිලියන 6.9 ක මුදල වහාම එම තීන්දුව ලබාදුන් පාර්ශවයෙන් අය කරන ලෙසත් ,මුදල් ගෙවීම්ට ගත් තීරණය සම්පූර්ණයෙන් නීතිවිරෝධී බවත් ,එම චීන සමාගම ලංකාවේ අසාදු ලේඛනගත කරන ලෙසත් එමෙන්ම ශාක ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇතැයි රජයේ විගණකාධිපති වාර්තාවක් මඟින් හෙළි කර තිබෙන බව මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (03දා) මාධ්‍ය හමුවක් පවත්වමින් දඹුල්ලේ දී පැවසීය.
අසූචි මිශ්‍ර චීන පොහොර නැව සිද්දිය පරීක්ෂණය සඳහා රජයේ මුදල් වියදම් කර රජයට භාරදී ඇති විගණකාධිපති වාර්තාව පෙන්වා දෙමින් ඒ මහතා විගණකාධිපති වාර්තතාවේ ඇති කරුණු මෙසේ හෙළිදරව් කිරීම් විශේෂත්වයකි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ දිස්ත්‍රික්ක ගණනාවක නියෝජිතයන් සමඟ මෙම මාධ්‍ය හමුව අමතමින් නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ මේ වන විට චීන සමාගමට රජය ලංකා රුපියල් එකසිය තිස් අට කෝටි විසි හත් ලක්ෂ දෙදහස් හාරසිය අනුහතරක මුදලක් ගෙවා තිබෙන බවත් එම මුදල වහාම තීන්දු ලබා දුන් අයගෙන් අය කරන ලෙස විගණකාධිපති වාර්තාව පෙන්වා දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම 2020 සහ 2021 වසරේ මෙරට කෘෂි කර්මාන්තයේ කඩාවැටීම සිදුව ඇති පාඩුව සම්පූර්ණයෙන්ම මෙම අය වගකීම් බාරගත යුතු බව ද විගණකාධීපති වාර්තාවේ සඳහන්ව ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අසූචි නැව සඳහා මහජන මුදල් මේ ආකාරයෙන් ගෙවා තිබෙන බවත් රාජය ජනතා මුදල් වියදම් කොර විගනණය කොට එම වාර්තාව ජනාධිපති අගමැති ලේකම්වරුන්ට හා රජයට භාර දී තිබියදී කිසිදු තීන්දුවක් තීරණයක් නොගන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.
මෙම කණ්ඩායම් වැරදි තීන්දු තීරණ ගත් පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් විගණකාධිපති වාර්තාවේ පැහැදිලිවම සඳහන්ව තිබෙන බව ද ප්‍රකාශ කරන නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ රජය මෙයට එරෙහිව නීතිමය පියවර නොගන්නේ නම් තම කණ්ඩායම මේ වන විටත් නීතිය ඉදිරියට යෑම සඳහා අවශ්‍ය වටපිටාව සකසමින් සිටින බවය .
