ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර හමුවක් පැවැත්වීය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා හා පැවැති හමුවේදි ශ්‍රී ලංකාවට චීනය සෑම ආකාරයකින් ලබාදෙන සහාය පිළිබඳව මෙන්ම නීතිය හා සාමය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ රැකියා හා කම්කරු අමාත්‍යවරා අතර පැවැති හමුවේදී චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර පිළිබඳවත් වෘත්තීය පුහුණුව පිළිබඳවත් සාකච්ඡා පවත්වා තිබේ.