චීන ණය ආර්ථික වශයෙන් වැදගත් ව්‍යාපෘතිවල යෙදව්වාද?
චීනය ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙක් බවත් චීනය සමග පවතින සබඳතාව වසර දහස් ගණනක් අතීතයට යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
ඉන්දියාවේ NDTV නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“චීනය මේ වන විට එක් තීරයක් එක් මාවවත් වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපේ අදහස අනුව නම් එයට මිලිටරීමය විශේශත්වයක් නෑ. ඒක ආර්ථික වැඩසටහනක්.ඔබ ආර්ථික පැත්ත බලලා තීරණය කරන්න.” යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසිය.
මෙහිදී චීනයෙන් ලබාගෙන ඇති ණය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේය.
“ චීන ණය තිබෙනවා. නමුත් ගැටලුව නම් චීනයෙන් ලබාගත් ණය අපි ආර්තික වශයෙන් වැදගත් වූ ව්‍යාපෘති වෙනුවෙන් යෙදෙව්වාද යන්නයි.
මේ ව්‍යාපෘති තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ව්‍යාපෘති ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවට මුදල් අවශ්‍ය වූ විට චීනය ඇවිත් දුන්නා.” යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
popular news
-
Kumar Tuesday, 07 June 2022 01:22 AM
Nelum kuluna desabalanawita suksudakse pahadiliwa penenwa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

