පෞද්ගලිකව කළ සාකච්ඡාවක තොරතුරු මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා විසින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වෙත සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
බාලිහි පැවැත්වෙන ජී. 20 සමුළුව තුළදී චීන ජනපතිවරයා මෙම විරෝධය කැනඩා අග්‍රාමාත්‍යවරයාට දැන්වීය. චීන ජනපතිවරයා සිය පරිවර්තකයා හරහා ටෘඩෝ හට සඳහන් කරන්නේ " අපි සාකච්ඡා කරපු හැම දෙයක්ම පත්තරවලට ගිහිල්ලා. ඒක සුදුසු නෑ. රාජ්‍යතාන්ත්‍රිව වැඩ කළ යුත්තෙ ඒ අයුරින් නෙමෙයි. "
මෙයට පිළිතුරු දෙමින් කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ " කැනඩාවේ අපි විවෘත හා නිදහස් සාකච්ඡාවක් විශ්වාස කරනවා. එය අඛණ්ඩව අපි ක්‍රියාත්මක කරනවා. අපි එකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි එකඟ නොවන දේවල් තිබිය හැකියි. "
එයට පිළිතුරු දෙමින් ෂී පවසන්නේ "අපි මුලින්ම කොන්දේසි නිර්මාණය කර ගමු" යනුවෙනි. ඉන් අනතුරුව දෙදෙනා අතට අත දී සුහදතාව ප්‍රකාශ කරමින් ස්ථානයෙන් පිටත්ව ගියේය.
