චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද දිනයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
චීනයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති චෙන් ෂෝ විසින් මෙම කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර ඔවුන් එළැඹෙන 18 දා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය.
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසුව මෙම නියෝජිත පිරිස පළමුවරට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන් එළැඹෙන 18 දා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටියි.
මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකා රජයේ නායකයන් මෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී පක්ෂ අතර අන්තර්හුවමාරුව මෙන්ම රාජ්‍යයන් දෙක අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරිමට අවධානය යොමුකරනු ඇත.