චීන එන්නත් ලබාදීමේ තීරණය රජය සතුයි
චීන ජනතාව විසින් ශ්‍රී ලංකා ජනතාවට පරිත්‍යාග කළ කොවිඩ් 19 එන්නත ලබාදීමේදී එම එන්නත් ලබාදෙන්නේ කවදාද? කාටද? යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා රජයේ තීරණයක් විය යුතු බවට චීනය සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවට ලබාදුන් එන්නත් මාත්‍රා 600000න් ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ටද එන්නත් ලබාදීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳ රජයට ස්තූතිය ප්‍රකාශ කිරීමටද චීනය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන හා රැකියා කරන චීන ජාතිකයන් සංඛ්‍යාව 3000-4000ත් අතර ප්‍රමාණයක් බවත් ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම සඳහා වැය වන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් එන්නත් මාත්‍රා තොගයෙන් සියයට 1-2ත් අතර ප්‍රමාණයක් වෙයි.
මේ වන විට චීනය මිලියන 133.8කට වඩා වැඩි චීන ජාතිකයන් පිරිසකට සිකුරාද වන විට එන්නත් ලබාදී අවසන් බවත් චීනය විසින් විදේශයන් වෙත යවා ඇති එන්නත් තොගය මාත්‍රා මිලියන 100ක් වෙයි.
සිනෝෆාම් සමාගම නිපදවූ එන්නත මේ වන විට රටවල් 50කට අධික සංඛ්‍යාවක භාවිත කරයි.
popular news
-
sg Saturday, 03 April 2021 11:29 PM
Me ennatha laba deemata awsya katayuhthu kireema kalayuthuya...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

