සයිබර් අවකාශ පරිපාලනය පිළිබඳ චීන උප අමාත්‍ය යැං ෂියාඕවෙයි මහතා හා ශ්‍රී ලංකාවෙ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් පැවැතියේය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන උප ඇමැතිවරයා හා රුවන් මහතා අතර හමුව ඊයේ (09දා) සිදුවිය.
මෙහිදී දෙරට අතර ආරක්ෂක කරුණු ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වීය.
සාකච්ඡාවලින් අනතුරුව සමරු හුවමාරුවක්ද සිදුවිය.
