පුද්ගලික ප්රශ්නයක් මුල් කර ගනිමින් වෑන් රථයකින් පැමිනි චිවරධාරින් පිරිසක් ඊයේ (7දා) සවස ආණමඩුව කුඩාවැව ප්රදේශයේ තරුණයකුට පහර දී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්වි ඇත්තේ ආණමඩුව කුඩාවැව පදිංචි විරසිංහ ආරච්චිගෙ ගයාන් දනුෂ්ක නැමති විවාහක 35 හැවිරිදි අයකුට බව පොලිසිය කියයි.
පහර කෑමට ලක්වු තරුණයා ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටින බව රෝහල් ප්රකාශකයකු පැවසිය.
මෙසේ පහර දීම සිදුකර ඇත්තේ කොට්ටුකච්චිය ඉංජීනේරු වත්ත වඩත්ත ප්රදේශයෙ පිහිටි උපාලි ආශ්රමය නැමති විහාරස්ථානයේ රැදි සිටින චිවරධාරින් සිව් දෙනෙකු හා තරුණයකු ඇතුළු පිරිසක් බව කියයි.
මෙම චිවරධාරින් පිරිස අදාල තරුණයා පවසන ලද සිද්දියක් මුල් කරගනිමින් මෙම පහර දිම සිදුව ඇති බව කියයි.
මෙම තරුණයාට ඔහුගේ මවගෙ නිවස ඉදිරිපිටදි පහර දීම සිදුව ඇති බව තරුණයා පොලිසිය කල පැමිනිල්ලේ සදහන් වෙයි.
පහර දීමට පැමිනි චිවරධාරින් අමානුෂීක ආකාරයෙන් තරුණයා බිම දමා ගෙන පහර දිම දුටු අසල්වාසින් මෙම පිරිසට විරෝධය මතුකර කෑගැසිමත් සමග පහර දිම නැවති ඇති අතර තරුණයා පොලිසියට කල පැමිනිල්ලේ සදහන් වෙන්නේ තම ජංගම දුරකථනය ද මෙම පහර දීම කල චිවරධාරින් රැගෙන ගොස් ඇති බවයි.
ආණමඩුව පොලිසියෙන් කල විමසිමේදි පවසා සිටියේ මේ සම්බන්ධව පරික්ෂණ සිදුවන බවයි.පහර දීමට සම්බන්ධ කිසිවකු තවමත් අත් අඩංගුවට ගෙන නැති බවද පොලිසිය පවසයි.

