චරිත හේරත් ගැන මැ.කො. ස පැමිණිල්ලක්
කෝවිඩි -19 වසංගතය පැරදවීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් චරිත හේරත් මහතා එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වන බවට ජාතික සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස කටයුතු කරමින් චරිත හේරත් මහතා ජනාධිපති කාර්ය සාධක බලකායේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර අයුතු ප්රචාරක වාසි ලබා ගන්නා බව එම ලිපිය මගින් කොමිෂන් සභාවට දැනුම්දී තිබේ .
ජතික සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණය කොමිෂන් සභාවට යොමුකළ ලිපිය පහත පරිති වේ,
මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති, මැතිවරණ කොමිෂන් සභාව.
සරණ මාවත,
රාජගිරිය.
අධ්යක්ෂ ජෙනරාල්/කොමසාරිස් ජෙනරාල්,
මැතිවරණ කොමිෂන් සභාව.
2020/4/11
මහත්මයාණෙනි,
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක චරිත හේරත් ජනාධිපති කාර්ය සාධක බලකායේ මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර අයුතු ප්රචාරක වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලයි.
1. මහාචාර්ය චරිත හේරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිය රැකියාවෙන් ඉවත් නොවී පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා බාර දී ඇත.
2. ඔහු මේ වන විට ලංකාවේ වඩාත්ම බලපෑම්කාරී නමුත් භාණ්ඩ බෙදා හැරීම් ක්‍රියාවලිය එකම අවුල් ජාලාවක් බවට පත් කොට ඇති ‘ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වේ.
3. මෙම තත්ත්වය රටම දන්නා විවෘත කරුණක් බැවින්, මෙය වහා නිවැරදි කිරීම සදහා කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට හිතවත්,
රංජිත් මද්දුම බණ්ඩාර
මහලේකම්
සමගි ජන බලවේගය

popular news
-
මෝ Monday, 13 April 2020 04:33 AM
මේ චරිත හේරත් නැමති ආචාර්ය වරයා මේ කාර්ය බල සේනාවේ සිටිය යුතු කෙනෙකැයි නොසිතමි.විශය දැනුමැත්තෙකු වුවත් ඔහු හොද කලමනා කරුවෙකු නොවෙයි.වත්මන් යුද හමුදාපති තුමා හොද කලමනාකාර වරයෙකි.චරිත හේරත් පාර්ලිමේන්තුවට යැවීමට සුදුස්සෙක්ද නොවේ.ජනාදිපති තුමනි ඔබේ කන්ඩායම තෝරාගැනීමට,මේ අවස්තාවක් කර ගන්න.
Reply : 0 0
HAAMANIS Monday, 13 April 2020 08:18 PM
චොරෝනවලට ඊහිව වැඩකිරීම දෙසපලනයක් වෙන්නේ කොහොමද එක මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් තමන්ගේ මිනිස්සුන්ගෙන් ඉල්ලුවද PARIKSHAKARIWA ඉන්න කියල අර හකීම්/මිජිබර් රහමන්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

