චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය විසින් තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා එම එන්නත තොගය මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
සිනෝවැක් එන්නත මේ වන විට ලෝකයේ වැඩියෙන්ම භාවිත කරන කොවිඩ් 19 එන්නත බවත් එය ලෝකයේ රටවල් 50කට අධික සංඛ්‍යාවක භාවත කරන බවත් චීන තානාපති කාර්යාලය කියයි.
මේ වන විට එන්නත් මාත්‍රා බිලියන 1.8ක් චීනය අපනයනය කර ඇති බවත් ඉන් මාත්‍රා බිලියන 1.4ක් ලෝකය පුරා පරිපාලනය කර ඇති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.