මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැලකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරත වන සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමටත්, එම සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි කට්ටල තොගයක් ඊයේ (02) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.
විශේෂයෙන් ලබන සඳුදා සිට (08) දිවයින පුරා පොදු ප්‍රවාහන සේවා නැවතත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ගන්නා ලද තීරණයත් සමග ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් වෙත ලබා දීමට මෙම සෞඛ්‍යාරක්ෂණ කට්ටල යොගැනීමට නියමිතය.
මෙම උපකරණ කට්ටල තොගයට Face Mask, Face cover මෙන්ම Protecting kit ද ඇතුළත් වේ.
CMC සමාගමේ නියෝජිතයින් පිරිසක් විසින් අදාල උපකරණ තොගය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබීය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියේය.
මින් පෙරද චින රජය මෙන්ම චීන සමාගම් කිහිපයක් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා උපකරණ කට්ටල ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට බාර දුන් බව කී අමාත්‍යවරයා චිනයේ CMC සමාගම වෙත සිය කෘතඥතාව පළ කළේය.