චීනයේ වාර්තා වූ නවතම කොවිඩ් 19 නැගිටීම දින 35 ක් තුළදී පාලනය කිරීමට චීනය සමත්ව තිබේ. ඒ එරට තුළ දින 35කට පසුව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් වාර්තා නොවීමත් සමගිනි.
මේ හරහා චීනයේ වසංගත පාලන ක්‍රමවේදයේ සාර්ථක බව පෙන්වා දෙන්නේ යැයි චීන මාධ්‍ය වාර්තා කරයි.
ඩෙල්ටා වෛරසය ආසාදනය වූවන් වාර්තා වීමත් සමගින් චීනය දැඩි වසංගත විරෝධී පාලන ක්‍රම ක්‍රියාවට නංවමින් කොවිඩ් පරීක්ෂණ වේගවත් කළේය.එසේම සංචරණ සීමාද වර්ධනය කළේය.
නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ අගනුවර වන නැංජිං හි ගුවන් තොටුපලකදී ජූලි 20 දා කොවිඩ් රෝගීන් වාර්තාවීමත් සමගින් චීනයේ නව කොවිඩ් රැල්ලක් නිර්මාණය විය.
එය පළාත් සහ ප්‍රදේශ දහයකට වැඩි ගණනකට බලපෑවේය. 2020 දී වුහාන්හි කොවිඩ් රෝගීන් වාර්තාවීමෙන් අනතුරුව චීනයේ සිදුවූ පුළුල්ම කොවිඩ් ව්‍යාප්තිය මෙය බවට වාර්තා විය. දිනකට රෝගීන් වාර්තාවීම 100ක් දක්වා වර්ධනය විය.