කොරෝනා වසංගත රෝගී තත්වයෙන් ගුවන් තොටුපළ සේවකයින් ආරක්ෂා කර ගැනීම සදහා සෞඛ්යාරක්ෂිත උපකරණ තොගයක් 02/26 දින උදෑසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයත් , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් අතර දිගු කාළයක් තිස්සේ පවත්වා ගෙන එනු ලබන ඉහළ මිත්රශීලීභාවයත් , දිනෙන් දින වර්ධනය වන සහයෝගිතාවයත් මුල් කර ගනිමින් මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.
එසේ පරිත්‍යාග කළ උපකරණ අතර ආරක්ෂිත ඇදුම් කට්ටල 270 ක් , පාවහන් ආවරණ පෙට්ටි 01 ක් , බැහැර ලිය හැකි මුහුණු ආවරණ 24,000 ක් , කේ.එන්.- 95 මුව ආවරණ 4,800 ක් , ආරක්ෂක ඇස් කණ්නාඩි 120 ක් , අත් ආවරණ 500 ක් සහ ජීවානුහරණ ලාම්පු උපකරණ 05 ක් ද තිබුණි.
එම උපකරණ ප්රදානය සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක හූ වෙයි මහතා සහභාගී වූ අතර , ඒවා භාර ගැනීම සදහා සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වී.ඒ.ආර්.එස්.සෝවිස් මහතා විසින් සිදු කෙරුණි.