'සීනොෆාම්' කොවිඩ්-19 මර්දන එන්නත මෙරට වෙසෙන චීන ජාතිකයන්ට ලබාදීම කොළඹ වරාය නගරයේදී අද (05දා) ආරම්භ කෙරෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනරාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව අද පෙරවරු 09.30ට පමණ එම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසීමේදී රාජ්‍යඅමාත්‍යාංශය සඳහන් කර සිටියේ සමස්තයක් ලෙස ගත්කල මෙරට සිටින චීන ජාතිකයන් සංඛ්‍යාව මේවනවිට 4,000කට අධික වන බවයි. ඉන් 3,000ක පමණ සංඛ්‍යාවක් කොළඹ වරාය නගරයේ ඉදිකිරීම්වලට අදාළව සේවයෙහි නිරතව සිටින බවද රාජ්‍ය අමාත්‍යාංශය කියා සිටියේය.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලද එරට නිෂ්පාදිත 'සීනොෆාම්' කෝවිඩ්-19 මර්දන එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය ලැබී නොතිබුණද එය චීන ජාතිකයන්ට ලබාදීමට රජය පසුගියදා තීරණය කළේය.
ශ්‍රී ලංකාවට චීනය විසින් ඒන්නත් මාත්‍රා ලක්ෂ 6 පරිත්‍යග කළේය.