කොවිඩ් 19 වසංගතය සඳහා භාවිත කිරීමට චීනයේ විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් එළැඹෙන බදාදා දිනයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.
චීනය මුලින්ම එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ලබාදිමට පොරොන්දු වූ අතර ඉන් පසුව තවත් මාත්‍රා ලක්ෂ තුනක් ලබාදීමට එකඟ විය.
ජාතික ඖෂධ නියාම අධිකාරිය පසුගියදා මෙම එන්නත් ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අවසර දුන්නේය.
මේ වන විට ලෝකයේ රටවල් රාශියක් චීනයේ සිනෝෆාම් එන්නත භාවිත කරන අතර ලෝක නායකයන් කිහිප දෙනෙකුම එන්නත ලබා ගත්තේය.