ඒකාබද්ධව චීන -ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම සහ කෝවිඩ්-19 ට එරෙහි මහ පවුර ගොඩනගමු!
තානාපති Qi Zhenhong මහතාගේ ප්‍රකාශය
අද සැබවින්ම විශිෂ්ට දිනයකි. චීන ජනතාව විසින් ශ්‍රී ලාංකික ජනතාවට තෑග්ගක් ලෙස පිරිනැමූ එන්නත් මාත්‍රා 600,000ක් පැමිණීම සාදරයෙන් පිළිගනිමින් භාරදීමේ උත්සවය පවත්වමු. පෙරේදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඉතා වැදගත් දුරකථන සංවාදයක් සිදුවූ අතරපුළුල් හා වැදගත් එකඟතාවන්ට එළඹීමට හැකිවිය. එය අපගේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ අනාගත සංවර්ධනය සඳහා උපායමාර්ගික හා මූලික මඟ පෙන්වීම වනු ඇත. එන්නත් පැමිණීම දෙරට සහ ජනතාව අතර ඇති ගැඹුරු සහෝදරත්වය යළිත් විදහා දැක්වා ඇත.ඉන් කොවිඩ් 19 එන්නත ගෝලීය පොදු නිෂ්පාදිතයක් බවට පත් කිරීමේ ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ කැපවීම යළිත් ක්‍රියාත්මක විය.සහයෝගතාව වසංගතයට එරෙහි සටන මුල් අවස්ථාවේදීම ජය ගැනීම සහ මානව වර්ගයා සඳහා ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමට ඇති එකම මාර්ගය බව යළි ප්‍රකාශ කිරීමකි. එන්නත් ප්‍රවාහනය සහ භාරදීම සඳහා සහභාගී වූ දෙපාර්ශ්වයේම සියලුම දෙපාර්තමේන්තු වෙත මාගේ අවංක ස්තුතිය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.
නෝනාවරුණි මහත්වරුණි,
සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද එළඹෙමින් ඇත. මම ශ්‍රී ලාංකික ජනතාවට සෞඛ්‍ය සම්පන්න, සාමකාමී සහ සෞභාග්‍යවත් නව වසරක් වෙනුවෙන් හෘදයාංගමව සුභ පතමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව නිසැකවම නුදුරු අනාගතයේ දී වසංගතය ජය ගනිමින් ආර්ථික හා සමාජ පුනරුත්ථාපනය හා සංවර්ධනය වැළඳ ගනිමින් විශිෂ්ට ජයග්‍රාහී අනාගතයක් හිමිකර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.
ස්තුතියි
කොරෝනා වසංගත රෝගී තත්වය මර්දනය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් එරටින් ලැබුණ ප්‍රදානයක් ලෙසින් චීනයේ බෙයිජිං සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (31දා) කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
පෙරවරු 11.28 ට චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් තිබේ.
මෙම එන්නත් තොගය මෙම ගුවන් යානය තුළ ද විශේෂිත ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කොට තිබෙන අතර , ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩබෑමෙන් අනතුරුව ගුවන්තොටුපල ආනයන ගම්මානයේ ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කිරීමට කටයුතු යොදා තිබේ.
ඉන්පසු මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත වේද අංශයේ ගබඩා වෙත විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.
මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුළු එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද , අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු විශාල පිරිසක්ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටිති.