චක්ර ලේඛවලට පටහැනිව පාර්ලිමේන්තු නිලධාරින් තිදෙනෙකුට මෝටර් රථ බලපත්ර දීලා
සහනදායි පදනම මත මෝටර් රථ බලපත්ර ලබාදිම සම්බන්දයෙන් වු චක්ර ලේඛයේ විධිවිධාන හා උපදෙස්වලට පටහැනිව පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ නිලධාරින් තිදෙනෙකුට රුපියල් එක්කෝටි අටලක්ෂයක් (10,800,000) පමණ වටිනා සහනදායි මෝටර් වාහන බලපත්ර නිකුත් කිරිමට පියවරගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙම නිලධාරින් තිදෙනා ජේ්යෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්රිය සේවාකාලයක් සම්පුර්ණකර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙසේ සහනදායි පදනම මත මෝටර් රථ බලපත්ර ලබා දි ඇත්තේ සහකාර අධ්යක්ෂකවරු තිදෙනෙකුට. මින් එක් අයකුගේ සේවා කාලය වසර 01ක් හා දින 09කි. අනික් නිලධාරියාගේ සේවා කාලය වසර 01යි මාස 01යි දින 28කි. බලපත්ර ලබාදි ඇති අනික් සහකාර අධ්යක්ෂකවරයාගේ සේවා කාලය මාස 02කයි දින 11කි.
විධායක තනතුරක වසර හයක සක්රිය සේවා කාලයක් සම්පුර්ණ කර නොතිබු මෙම නිලධාරින් තිදෙනා සදහා සහනදායි බලපත්ර මත මෝටර් වාහන බලපත්ර නිකුත් කිරිමට කටයුතු කළ නිලධාරින් සම්බන්දයෙන් පවත්නා නිතිරිති යටතේ අදාල පියවර ගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. එම මෝටර්රථ බලපත්ර ලබාගත් නිලධාරින් සම්බන්දයෙන් ද පවත්නා නිතිරිති යටතේ අදාල පියවරයන් ගැනිමටත් ඉදිරියේ දි මෝටර් රථ බලපත්ර නිකුත්කිරිමේ දි අදාල චක්ර ලේඛ ප්රකාරව හිමිකම් ලබන නිලධාරින්ට පමණක් බලපත්ර නිකුත් කිරිමටත් කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
ශ්රිලංකා පාර්ලිමේන්තුවෙහි අටවන හා නමවන පාර්ලිමේන්තු වාරයන් පිළිබදව සිදුකරණු ලැබු විශේෂ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

