එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේර්මදාස මහතාගේ ජයග්රහණය තහවුරු කිරීමේ මංගල රැළිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින් ගාලූමුවෙදාර පිටියට එක්රොක් වූ ජනතාව වෙත තම ගෞරවනීය ආචාරය පුද කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
සාර්ථක අන්දමින් මෙම රැළිය සංවිධානය කිරීමට කටයුතු කළ පක්ෂයේ නිලධාරී මණ්ඩලයට, මැති ඇමැතිවරුන්ට ද, ආසන සංවිධායකවරුන්ට සිය ස්තූතිය ප්රකාශ කරන බවද අග්රාමාත්යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එය සාමුහික උත්සාහයක ප්රතිඵලයක් බවත් එම උන්නදුව සහ උද්යෝගය ජනාධිපතිවරණ ජයග්රහණය දක්වාම එක ලෙස ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් අග්රාමාත්යවරයා ප්රකාශ කරයි.