ගෝල්ෆේස් අරගලයත් මන්ත්රීවරු අතරත් සම්බන්ධයක් ඇති කරන්න
දිවයින පුරා ඇති ප්රචණ්ඩත්වය හේතුවෙන් නිවාස හා දේපළ අහිමිවූ මන්ත්රීවරුන් වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ගෝල්ෆේස් අරගලය හා මන්ත්රීවරුන් අතර සම්බන්ධයක් ඇතිවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්රි හරීන් ප්රනාන්දු මහතා පැවැසීය.
“මම බොහෝම සංවේදී වෙනවා බන්දුල ගුණවර්ධන ගැන. අපි එතුමා සමග විරුද්ධ දේශපාලන මතවේදයක හිටියත් මේ රටේ දරුවන්ට විශාල වශයෙන් උග්වන්ලා තියෙනවා. මමත් පංති ඇවිත් තියෙනවා කාලෙක.
ඒ වගේම ගාමිණී ලොකුගේ මැතිතුමා ගැන කියන්න ඕන. මගේ කසාදයට අත්සන් කළෙත් එතුමා විජමු ලොකු බණ්ඩාර මැතිතුමත් සමග.
මගේ පියාගේ හොඳ යාලුවෙක්. මම දන්න විදිහට එතුමට අදින්න ටී. ෂර්ට් එකක්වත් ඉතිරි වුණේ නෑ.මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් මේ වෙච්ච මම නම් කිසිවිටකත් අනුමත කරන්නේ නෑ.
ගෝල්ෆෙස් එකට ගිය නැති මන්ත්රිවරුන්ගේ ගෙවල්වලටත් ගිනි තැබුවා. අර මන්ත්රීවරයා මිලේඡ්ඡ විදිහට ඝාතනය කළා නම් නැවත මේ රටේ වෛරයක් පැතිරෙන්නට ඉඩක් තියෙනවා.
මේ තියෙන දුක වේදනාව වෛරයකට පෙරලුනොත් රට නැවත ලේ විලක් වෙයි කියලා අදහස තියෙනවා. අපි මේකෙදී එකතු වෙමු බෙදෙන්න උවමානයක් නෑ. මම රටින් ඔබතුමාලා වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඒ දුක විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට වෙච්ච දේ ගැන.
ඉතාම ඉක්මනින් මේ ගෝල්ෆේස් අරගලයත් පාර්ලිමේන්තු මන්ත්රීවරු අතරත් සමබ්න්ධයක් ඇති කරලා මේ විනාශය නැවත වරක් නොවෙන්නට කටයුතු කරමු.”

popular news
-
Samson de silva Thursday, 19 May 2022 03:08 AM
Ranil, Harin saha Manushata baara dee ethi contract eka Galle Face aragalaya diyaaru karana eka. Ahuwennanam epaa munge getawalata. Ranilayaa Ruwan Wijewardanata job eka pawaralaa thiyenne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

