ගෝඨාභයගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ලක්ෂයකට රැකියා අහිමිවෙනවා - අගමැති
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් ලක්ෂයකට පමණ රැකියා අහිමිවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති මහජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“පොහොට්ටුවේ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මැතිතුමා ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කීවා. ඒක හරිම හොඳ ප්‍රතිපත්තියක්. සංස්ථාවල ලක්ෂයකට රැකියා නැති වෙනවා බඩු මිල වැඩිවෙනවා.
ඒක තමයි නොකියා කීවේ. සියලු රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවාලු ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් මින් පස්සේ සංස්ථාවලට ගෙවන්නේ නෑ.
භාණ්ඩාගරයෙන් පාඩු වන ආයතන වලට ගෙවන මුදල රුපියල් කෝටි 2600 ක්. සංස්ථා ගනණාවක් පාඩු ලබනවා. ඒ ගොල්ලන්ට ආදායමක් සොයා ගන්න බැහැ. ආදායම අඩුයි. භාණ්ඩාගාරයෙන් දෙන මේ කෝටි 2600 නතර කළොත් මොකද වෙන්නේ. දැනට දෙලක්ෂ තිස් දහසක් මේ සංස්ථාවල වැඩ කරනවා. මේ කෝටි 2600 නතර කළොත් ලක්ෂයකට රැකියා නැති වෙනවා.
ඇයි? රැකියා අඩු කරන්න ඕනේ. වියදම් අඩු කරන්න ඕනේ. මේ සංස්ථා ලාභයට ගෙනියන්න. අපි දැනට කෝටි 2600 ක් දෙනවා. අපි සල්ලි දීලා ක්‍රමානුකූලව වසර දහයක් තුළදී මේ පාඩුව අඩුකරගනිමු. නවත්වන්න බෑ.”
ගාල්ල ජිනේෂ් නානායක්කාර

popular news
-
JANAHITHA Saturday, 26 October 2019 12:08 PM
ඔබ තුමා කරපු හරිය ඇති කරුණාකර චන්දයට ඉදිරිපත් වෙන්න ඉත්තන් නොදම මේ සැරේ අවලංගු වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

