ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ ලිපියක් ඉදිරියට යෑම මම වැළැක්වූවා - විජයදාස
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී ලෙස අත්සන් කළ ලිපියක් ඉදිරියට යෑම තමන් වැළැක්වූ බව පර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
"ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නිතිපති දෙපාර්තමේන්තුව ලිපියක් නිකුත් කළා. මම එය ඉදිරියට යෑම වැළැක්වූවා.
මම මේක කැබිනට් මණ්ඩලයේදී, පාර්ලිමේන්තුවේදී කිව්වා. ඇමතිවරයෙකුගේ ගෙදරක සිට ලියුමක් සකස් කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර්වරයෙකුගේ අත්සන ලබාගැනීමට කටයුතු කළා.
නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් අය මෙම ලියුම ගියා කියලා දන්නේ නෑ. රාජිත සේනාරත්න මහතාගේ නිවසේදීයි මෙම ලිපිය සකස් කළා.
ඔහුව අත්අඩංගුවට ගැනිමට නියමිතව තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. මේක මම ජනපතිට අගමැතිට කිව්වා. පස්සේ ඔවුන් ඒක වැළැක්වූවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
