සිය නිල ඇඳුමින් සැරසී ඊයේ (14) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අරගලය සඳහා සහභාගිවී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ.
පොලිස් සැරයන් අමරදාස නම් නිලධාරියා සිය නිල ඇඳුම සහිතව අරගල භූමියේ අදහස් පල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.
එහිදි පොලිස් සැරයන්වරයාට ඇප නියම කළ අධිකරණය නඩුව යලි එලැඹෙන 29 වැනි දින කැඳවීමට නියම කලේය.
එමෙන්ම අදාල පොලිස් සැරයන්වරයා වෙනුවෙන් නිවාඩු දිනයකදී පවා නීතීඥයන් රැසක් ඉදිරිපත්ව සිටීම සුවිශේෂි කරුණක් විය.
මේ පිලිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරනුයේ අදාල පොලිස් නිලධාරියා ගැන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් විමර්ශනයන්හී ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලා පොරොත්තු වන බවයි.