ගෝඨා ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියට අයඳුම් කරයි
ජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම වෙනුවෙන් ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුු වාර්තා කරයි.
ජනපතිවයාගේ බිරිඳවන අයෝමා රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසිභාවය යටතේ සිටින හෙයින් හිටපු ජනපතිවරයාට ග්‍රීන්කාඩ් ලොතරැයිය වෙනුවෙන් අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බැවින් එක්සත් ජනපදයේ සිටින ඔහුගේ නීතීඥයින් මේ සඳහා වන අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පසුගිය මාසයේ සිට ආරම්භ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරමින් ඩේලි මිරර් පුවත් සේවය තවදුරටත් වාර්තා කරයි.
මේ වන විට සිය බිරිඳ සමඟ තායිලන්තයේ හෝටලයක සිටින හිටපු ජනාධිපතිවරයා අවම වශයෙන් නොවැම්බර් මාසය දක්වා තායිලන්තයේ රැඳී සිටීමට අපේක්ෂා කළත් එහු අගෝස්තු 25 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.
popular news
-
Kumar Thursday, 18 August 2022 06:43 PM
Gotage birnda thawama American purawasiyek nisa gotata lotarayiya balapaanne naha. wasarak pamana gathawenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

