මේ වන විට ජනතාව විසින් අත්පත්කරගෙන ඇති කොළඹ ජනපති මන්දිරය, අරලිය ගහ මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලයේ රැදී සිටින ජනතාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වෙන තෙක් ඉන් ඉවත් නොවන බව ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
එසේම ජනපතිවරයා මේ වන විට නැවක නැග ලංකාව අවට මුහුදේ රැදී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් සඳහන් කළේය.