පැරණි ගොවි විශ්රාම වැටුප් යෝජනා ක්රමයට දායකවී සිටින විශ්රාම වැටුප්ලාභින් වෙත ගෙවිය යුතු හි ඟ විශ්රාම වැටුප් ලබාදිමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
විවිධ රජයන් යටතේ මේ සම්බන්ධයෙන් ගොවීන් ඉල්ලිම් කළද කිසිදු පියවරක් නොගෙන ඇති අවස්ථාවක වර්තමාන රජය මේ සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කරන බවද එම මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය...
