පසුගිය රජය සමයේ 2023 වර්ෂයේ වී ගොවින් වෙත ගොවිජන සේවා කාර්යාල හරහා නොමිලේ ලබාදීමට රුපියල් කෝටි ගණනක් වටිනා පොහොර මේ වන විට එම ගබඩා තුළ විනාශ වීමේ අවදානමක් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අර් ඒ සි පි කේ රණසිංහ මහතා පවසයි.
නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස් බි එස් අභයඅභයකෝන් මහතාගේ හා බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගම ගෙදර දිසානායක මහතාගේ සම සභාපතිත්වයෙන් යුතුව පසුගියදා රැස්වූ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂක අර් ඒ සි පි කේ රණසිංහ මහතා, "වී ගොවීන් වෙත එම්ඕපි හා පිඑස්පි පොහොර නොමිලේ ලබා දීම සඳහා රජය මඟින් ලබා දුන් එම පොහොර ටොන් 70ක් පමණ ගබඩා තුල පවතින අතර එයින් කොටසක් මීයන් හපා විනාස වීමේ අවධානමක්ද පවතිනවා ."
මෙම පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 8500 ක් වැනි මුදලක් වටිනා අතර මෙම පොහොර තොගය නොවැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බැවින් ගොවී වෙත හා රජයේ ගොවිපළවල් වෙතෙත ලබාදීම සුදුසු යැයි ඔහු විසින් සභාවට යෝජනා කළේය.
දිස්ත්‍රික් සංවර්ධනකම් මිටු සම සභාපති ගම ගෙදර දිසානායක මහතා. "මෙම පොහොර තොගය කඩිනමින් වී ගොවින් වෙත ලබාදිය යුතුයි.ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හා පොහොර ලේකම් කාර්යාලය සමඟ කඩිනමින් මේ පිළිබඳව සාකච්ඡා කර කෘෂිකර්ම අමාත්‍ය කේ ඩි ලාල්කාන්ත මහතාගේ අවධානය යොමු කර මෙම මස අවසන් වීමට පෙර පොහොර ගොවීන්ට ලබා දීමට කටයුතු කරමු."
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි